ARCHEOASTRONOMY AWARD | 2022

2022 වර්ෂය සඳහා වන Eco Astronomy Inc ARCHEOASTRONOMY AWARD | 2022 මෙවර ඉතාලි ජාතිකයෙකු වන ඇන්ජලෝ සෙනවියෝ මහතා විසින් හිමිකරගෙන තිබෙනවා. එම මහතා වෙනුවෙන් ඔහුගේ මව විසින් මෙම සම්මානය ලබාගැනීම සිදුවූවාය. සෙනවියෝ මහතා පුරාතාරකා විද්‍යාව එන්නා [ENNA] නගරය ආශ්‍රිතව පර්යේෂණාත්මකව ව්‍යාප්ත කිරීමට විශිෂ්ඨ සේවාවක් සිදුකළ පර්යේෂකයෙකි.

මෙහිදී අප පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් විසින් ඉතාලියේ ENNA ආශ්‍රිතව සිදුකළ විශේෂ ARCHEOASTRONOMY පර්යේෂණයට අදාලව නිකුත්කරන කෘතිය ඉතාලි භාෂාව හරහා ඉදිරියේදී ලබාගැනීමට හැකිය. මෙම පර්යේෂණය කටයුතු මීට වසර 10 පමණ සෙනවියෝ මහතා විසින් ආරම්භ කරන ලදී. අනතුරුව  ජෛව තාරකා විද්‍යා අන්තර්ජාතික පර්යේෂණ ඒකකයේ විද්‍යාඥයෙකු වූ ආචාර්ය අරවින්ද රවිභානු මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් මෙම පර්යේෂණ කටයුතු සාරාංශ ගතකරන ලදී. ශ්‍රී ලංකාවේද පුරාතාරකා විද්‍යාත්මක දත්ත භාවිතා කර සිදුකළ මෙම ව්‍යාපෘතිය, තාරකා විද්‍යාවට අදාල වාණිජමට ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක විය.

Visit : https://ecoastronomy.edu.lk/