Paleontology and Geology Workshop – Sri Lanka | 2022

ජෛව විවිධත්ව මිතුරෝ -රූණකන්ද සංරක්ෂණ මධ්‍යස්ථානය හරහා සංවිධානය කරන ලද බහුවිධ පාෂාණභූත විද්‍යා හා භූවිද්‍යා නේවාසික වැඩමුළුව පසුගිය දා ඉතා සාර්ථක ලෙස නිමාවිය. මේ සදහා සම්පත් දායකයින් ලෙස ආචාර්ය අරවින්ද රවිභානු ( Eco Astronomy Inc ) , ගීත් සමීර මහතා (Geological Survey & Mines Bureau -SL ), ආචාර්ය මජ්ඩා ඖටිටන් ( Beijing forestry university international college -China) , ආචාර්ය ජේසන් කෙනඩි ( Auckland university of technology – New Zealand ) හා උදය චානක මහතා යන විද්වතුන් සම්බන්ද විය. මෙම වැඩමුළුව හරහා ෆොසිල, ඛණිජ හා පාෂාණ සාම්පල රැසක් -ප්‍රායෝගික මට්ටමේ අධ්‍යන සදහා යොදා ගන්න ලදී. එහිදී ආන්තරික තත්ත්ව සදහා වන ෆොසිලකරණ හා ප්‍රතිසංස්කරණ ආශ්‍රිත ක්‍රියාකාරකම් සම්බන්දයෙන්ද වැඩිදුර සාකච්ජා කිරීම සිදුවිය.

 ඉදිරියේදී මෙම වැඩමුළුව සදහා Astrobiology හා Planetary Geology යන විෂය පථයන් එක් කිරීමට නියමිතය. මෙහි දෙවන අදියරය  2023 අගෝස්තු 31 වන දින සි ට   සැප්තැම්බර් 3 දක්වා  සිදුකිරීමට සැළසුම්කර ඇත. පර්යේෂණ හා සම්පත් දායකත්වය – ජෛව තාරකා විද්‍යා අන්තර්ජාතික පර්යේෂණ ඒකකය- සිංගප්පූරුව.