ජීව තාරකා විද්‍යාව හා ෆොසිල විද්‍යාව | කෙටි කාලීන සහතික පත්‍ර පාඨමාලාව 2025

Online Certificate Course in Astrobiology & Paleontology | 200 | BATCH 01| SN
Online Certificate Course in Astrobiology & Paleontology |200 | BATCH 01| SN
Online Certificate Course in Astrobiology & Paleontology | 200 | BATCH 01| SN
Online Certificate Course in Astrobiology & Paleontology | 200 | BATCH 01| SN
ජීව තාරකා විද්‍යාව හා ෆොසිල විද්‍යාව
කෙටි කාලීන සහතික පත්‍ර පාඨමාලාව 2025
[සිංහල මාධ්‍යය ප්‍රථම කණ්ඩායම ]
COURSE TYPE: Short Certificate | MODE: Online/ Distance learning | COURSE HOURS: 200
DURATION: 3 Months/ Each Sunday 6.30pm to 8.30pm [IST]
START: 14th of December 2025 | Application DEADLINE: 10th of December 2025
Contact info: 0774526520 | 0114216868 | Information sheet download
Inquiry : Info@ecoastronomy.edu.lk | hr.ecoastronomy@gmail.com
ලියාපදිංචිය සඳහා උපදෙස් හොඳින් කියවන්න
ජෛව තාරකා විද්‍යා ආයතනය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නිල ආයතනයක් වේ. අප ආයතනය අන්තර්ජාතික තලයේ ආයතන සමඟ නිල වශයෙන් ජීව තාරකා විද්‍යාව හා ෆොසිල විද්‍යාව ආශ්රිත පර්යේෂණ කටයුතු සඳහාද සම්බන්ඳ වී ඇත. ශ්‍රී ලංකාව තුල හමුවන ෆො ෆොසිල සාධක 500කට වැඩි ප්‍රමාණයක් දැනට අප ආයතනය හරහා සංරක්ෂණය කර ඇත. [Book Download]. ෆොසිල හා ආන්තරික තත්ත්ව අධ්‍යනය හරහා පෘථිවිය මත අදීකාලින ජීවය හා පෘථිවියෙන් පරිබාහිර ජීවය සම්භන්ඳ තොරතුරු ගවේෂණයට කරුණු අනාවරනය කරගත හැකිය. අප ආයතනය නිර්මාණාය කල Mars Regolith Simulant / කෘතීම අඟහරු පාෂාණ ඇමරිකාවේ Mars Society- MDRS හා protoplanet india යන පර්යේෂණ ආයතන සඳහා ලබා දී ඇත. Eco Astronomy Inc ආයතනය Research organization registry හිද ලියාපදිංචි ආයතනයක් වේ. තවද අප ආයතනය SpaceVrse හා Space Hero යන අභ්‍යවකාශ ප්‍රවර්ධන ව්‍යාපෘති වල නිල සාමජිකයින් වේ. මෙම විෂය ශ්‍රී ලංකාව තුල නිවැරදි ආකාරයෙන් ප්‍රචලිත කිරීමේ අරමුණින් අදාල පාඨමාලාව ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්ම කරන අතර බොහෝ දෙනාගේ ඉල්ලීම මත සිංහල මාධ්‍යය ප්‍රථම කණ්ඩායම සඳහා ලියාපදිංචියට විවෘත්ත වේ. අදාල විශයට උනන්දුවක් දක්වන වයස අවුරුදු 8 වැඩි ඕනෑම අයෙකුට මේ සඳහා සම්බන්ඳ විය හැකිය. මෙම පාඨමාලාවේ සම්පූර්ණ කාලය මාස 3 ක් වන අතර පාඨමාලා ගාස්තුව රු 12,000 වේ. පාඨමාලා ගාස්තු කොටස් 3ක් වශයෙන් ගෙවීම සිදුකළ හැකිය. තවද එකවර ගෙවීමේදී සම්පූර්ණ පාඨමාලා ගාස්තුව ලෙස සැළකෙන්නේ රු.10,000 පමණි. ලියාපදිංචියට පෙර පහත උපදෙස් හොදින් කියවන්න. සියළුම දේශන සිංහල මාධ්‍යයෙන් ක්‍රියාත්මක වේ. ප්‍රථමයෙන් ලියාපදිංචි වන 30 දෙනා පමණක් තොරා ගන්න බව කරුණාවෙන් සළකන්න.
Notice: විශ්වවිද්‍යාල සිසුන් සඳහා පමණක් වන YSP Project or Eco Astronomy Internship පහසුකම ලබදෙන අතර සම්බන්ඳ තොරතුරු මෙම පාඨමාලාව ආරම්භයේදී ලබාගත හැකිය.
පාඨමාලාව පිළිබඳ සරළ අවබෝධයක් ලබාගැනීමට පෙර සිසුන්ගේ ක්‍රියාකරකම් වෙත පිවිසෙන්න | මෙහි දක්වා ඇත්තේ ඉංශ්‍රීසි මධ්‍ය හරහා ක්‍රියාත්මක වූ පාඨමාලාවල සිසුන්ගේ ක්‍රියාකරකම් වේ. [ Click Here]. පෙර පැවති දේශන පිළිබඳ අවබෝධක් ලබාගැනීම සඳහා [Click Here]
තාරකා ජීව විද්‍යාව සහ පාෂාණ ධාතු විද්‍යාව/ හෝ ෆොසිල විද්‍යාව හැදෑරීමේ වැදගත්කම
තාරකා ජීව විද්‍යාව අධ්‍යයනය පෘථිවියෙන් ඔබ්බට ජීවයක් පැවතිමට ඇති හැකියාව, ගවේෂණ මෙහෙයුම් සහ ග්‍රහලෝක පද්ධති සහ ඒවායේ වාසස්ථාන සඳහා ඇති විභවය පිළිබඳ අපගේ අවබෝධය ලබාගැනීමට අත්‍යවශ්‍ය වේ. ඒ හා සමානව, පාෂාණ ධාතු විද්‍යාව/ ෆොසිල සම්බන්දයෙන් අධ්‍යන විද්‍යාව, පෘථිවියේ ජීවයේ ඉතිහාසය පිළිබඳ තීරණාත්මක අවබෝධයක් ලබා දෙයි, පරිණාමයේ රටා, මහා වඳවීම් සහ පැවැත්මේ උපාය මාර්ග හෙළි කරයි, එය අපගේ ග්‍රහලෝකයේ සහ අනෙකුත් ආකාශ වස්තූන් යන දෙකෙහිම ආන්තික පරිසරවල ජීවය සඳහා අපගේ සෙවීමට දැනුම් දෙයි.
ක්ෂේත්‍ර දෙකෙන්ම ලබාගත් දැනුම හා තොරතුරු ඒකාබද්ධ කිරීමෙන්, විද්‍යාඥයින්ට පෘථිවියෙන් ඔබ්බට ජීවය පැවතිය හැක්කේ කොතැනද සහ කෙසේද යන්න පුරෝකථනය කිරීමට ආකෘති සංවර්ධනය කළ හැකිය. ස්ට්රෝමැටොලයිට් වැනි පුරාණ ක්ෂුද්රජීවී පොසිල අධ්‍යයනය කිරීම, අඟහරු ග්‍රහයා සහ යුරෝපා සහ එන්සෙලාඩස් වැනි අයිස් සහිත චන්ද්‍රයන් මත ජෛව සාධක හඳුනා ගැනීම වැනි කොටස් මෙම විෂය තුළ වැඩි උද්යෝගයක් ඇති කරයි. පෘථිවියේ අතීත වඳවීමේ සිදුවීම් අවබෝධ කර ගැනීම වෙනත් තැනක ජීවය පවත්වා ගැනීමට හිතකර හෝ අහිතකර තත්වයන් හඳුනා ගැනීමට ද උපකාරී වේ.
සමස්තයක් වශයෙන්, තාරකා ජීව විද්‍යාව සහ පාෂාණ ධාතු විද්‍යාව/ හෝ ෆොසිල සම්බන්දයෙන් අධ්‍යන විද්‍යාව පිළිබඳ අන්තර් විෂය අධ්‍යයනය පෘථිවියේ ජීව විද්‍යාත්මක ඉතිහාසය පිළිබඳ අපගේ අගය ගැඹුරු කරන අතරම විශ්වයේ ජීවයේ විභවය පිළිබඳ අපගේ දැනුම වැඩි දියුණු කරයි. අභ්‍යවකාශ ගවේෂණය ඉදිරියට යන විට, මෙම ක්ෂේත්‍ර විශ්වයේ අපගේ ස්ථානය පිළිබඳ මූලික ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.
එබැවින්, Eco Astronomy Inc. – පර්යේෂණ ආයතනය විසින් හඳුන්වා දෙන ලද ජීව තාරකා විද්‍යාව හා පිළිබඳ මාර්ගගත සහතික පත්‍ර පාඨමාලාව, තාරකා ජීව විද්‍යාව සහ ෆොසිල විද්‍යාව යන ක්ෂේත්රවල දැනුවත්භාවය සහ ප්‍රවේශය වැඩි දියුණු කිරීම අරමුණු කරන අතර ශ්‍රී ලංකාව තුල වූ ෆොසිල සම්පත් සංරක්ෂණයේ නිවැරදි ක්‍රමවේද පිළිබඳ සාකච්ජා කරයි.
පාඨමාලාව හා විෂය නිර්දේශය
මෙම පාඨමාලාව තාරකා ජීව විද්‍යාව සහ ෆොසිල විද්‍යාව පිළිබඳ මූලික සිද්ධාන්ත හැදෑරීමේ පාඨමාලාවක් වන අතර පහත සඳහන් විෂය නිර්දේශය යටතේ දේශන ක්‍රියාත්මක වන අතර අධ්‍යාපන පැය 200ක් පමණ අඩංගු වේ.
- තාරකා විද්‍යාවේ හා අභ්‍යවකාශ විද්‍යාවේ යෙදුම් හඳුන්වා දීම,භාවිතය නව නිපැයුම් ගවේෂණය. [ පැය 30]
- තාරකා ජීව විද්‍යාව සහ ෆොසිල විද්‍යාව හඳුන්වා දීම හා භාවිතය. [ පැය 8]
- තාරකා ජීව විද්‍යා වේ මූලික සංකල්ප හා පර්යේෂණ | සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය, ජීවය ඇතිවීම, ආන්තරික තත්ත්වයන්. අනිකුත් සෞරග්‍රහ මණ්ඩලවල හා ග්‍රහලෝක හා තාරීය වස්තූන් වල ජීවය පිළිබඳ අධ්‍යනය. [පැය 20]
- මූලික භූවිද්‍යාව, පෘථිවිය හා අඟහරුගේ සංසන්දනාත්මක මොඩල ගොඩනැගීම [Earth Mars analog applications] | අඟහරු රෝවර දත්ත භාවිතය, අඟහරු මත Trace Geology අධ්‍යනය හා පර්යේෂණ [පැය 8]
- පුහුණු වැඩසටහන |from Open Science Data Repository by NASA [මෙම කොටස සඳහා අප ආයතනයේ විද්‍යාඥයින් සහය ලබාගත හැකිය.] [ පැය 60]
- ෆොසිල විද්‍යාව හදුන්වාදීම එහි මූලික සිද්ධාන්ත හා ෆොසිලකරණය [පැය 20]
- ශ්‍රී ලංකාවේ භූ-විද්‍යාව, ෆොසිල, ෆොසිලකරණ අවස්ථා, සංරක්ෂණය හා යෙදුම්, නෛතික පසුබිම හා ව්‍යවසායකත්වය. [පැය 60]
- Developing Academic Projects, Innovations, and the Space Science Market | Career Guidance and Counseling Viva presentation. [පැය 10]
|A| 2025 දෙසැම්බර් මස 10 වන දිනට පෙර මෙම පාඨමාලාවට ලියාපදිංචි විය හැකිය. ප්‍රථමයෙන් ලියාපදිංචි වන 30 දෙනා පමණක් තෝරාගන්නා බව කරුණාවෙන් සළකන්න. පාඨමාලවට සම්බන්ද වීමේදී ශ්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකයේ පාඨමාලා හැදෑරු දැරුවන්ට මුල් අවස්ථා හිමිවන අතර මීට අමතවරව වයස අවුරුදු 8 ඕනෑම අයෙකුට මේ සඳහා සම්බන්ඳ විය හැකිය.
|B| මෙම පාඨමාලාව “Microsoft Teams” යෙදුම භාවිතයෙන් පවත්වන බැවින්, යෙදුම ඔබගේ පරිඝණකය හෝ ස්මාර්ට් දුරකතනය තුල ස්ථාපනය කර අවශ්‍ය මූලික පිවිසුම් සිදුකර තිබිය යුතුය
|C| පාඨමාලාවට අදාල Orientation වැඩසටහන 2025 දෙසැම්බර් මස 14 දින ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6.30 සිට 8.30 දක්වා පැවැත්වෙන අතර පාඨමාලාවට ආශ්රිත වැඩිදුර තොරතුරු හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සම්භන්ද තොරතුරු සාකච්ජාකරනු ලබයි. 2025 දෙසැම්බර් මස 14 දින සිට පුරා මාස 3ක් සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6.30 සිට 8.30 දක්වා දේශන ක්‍රියාත්මක වේ.
|D| පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ඔබගේ සහතික පත්‍රය තැපෑල හරහා ඔබවෙත ලැබෙනු ඇත.
පාඨමාලාව හා ගාස්තු
Payment Option 01
මෙම පාඨමාලාවට අදාල පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමේදී, ඔබ විසින් ගෙවිය යුතු සම්පූර්ණ පාඨමාලා ගාස්තුව ලෙස සළකනු ලබන්නේ රු 10,000/= මුදලක් පමණි.
Payment Option 02
පාඨමාලා ගාස්තුව කොටස් වශයෙන් ගෙවීමේදී මුළු ගාස්තුව ලෙස ලෙස සැලකෙන්නේ රු 12,000 මුදලකි. මෙම මුදල ඔබට අධියර තුනක් යටතේ ගෙවීම සිදුකල හැකිය. ඒ අනුව 2025 දෙසැම්බර් මස 10 වන දිනට පෙර දිනට පෙර ප්‍රථම අධියරය [ 1st Instalment] හරහා රු. 4000/= ක මුලදක් බැරකර ඔබට පාඨමාලාව ආරම්භ කළ හැකිය. පසුව ඔබගේ දෙවන ගෙවීම ලෙස රු. 4000/= [2nd Instalment] මුදලක් 9th January 2026 දිනට පෙර ගෙවා නිමකල යුතුය. ඔබගේ තෙවන හා අවසාන ගෙවීම ලෙස ලෙස රු. 4000/= [3rd Instalment] මුදලක් 6th February 2026 දිනට පෙර ගෙවා නිමකල යුතුය.
මුදල් බැර කල යුතු ආයතනික නාමය හා ගිණුම් අංකය
Account Name: Eco Astronomy Inc
Account No: 030020367322
Bank: Hatton National Bank PLC
Branch: Rathnapura
Bank Code: 7083-030
| E| පාඨමාලාවට ලියාපදිංචි වීම සඳහා ඔබගේ උප්පැන්න සහතිකයේ පිටපතක් හෝ ජාතික හැදුනුම්පතේ පිටපතක් අප ආයතනික WhatsApp අංකයට 0774526520 යොමුකරන්න. තවද දුරකතන අංකයට 0774526520 /0114216868 අමතා උපදෙස් පිළිපදින්න. පාඨමාලා කේතය ලබාදුන් පසු ඔබට ලියාපදිංචි විය හැකිය
|F| ලියාපදිංචි වන ඔබගේ නාමය යටතේ මුදල් බැරකිරීම සිදුකල යුතු අතර, බැරකල පත්‍රිකාවේ පිටපතක් පහත පෝරමයට අතුලත් කරන්න. [The money should be credited under your name of registration and a copy or screenshot or the slip, should be included in the form below].
Register Here

Previous post
